News

view:  full / summary

Dendias: "Do not let others put illegal immigrants in Greece"

Posted by ranga777 on August 4, 2012 at 3:40 PM Comments comments (1)

A giant project, which stretches from the Ebro to Athens, bearing the codename "Xenios Zeus" and aims to "seal" the border and removing illegal immigrants, is in full swing ... The aim, said Minister of Public Order, Nikos Dendias, is "not let others put illegal immigrants in Greece."

Indeed, early on Saturday morning, police forces attempted and the wider city center to detect illegal immigrants.

According to the organizational plan of the Headquarters of the Police, 1,500 police team DI.AS, Security, riot police and local police departments were investigated and Mary haunts immigrants, houses, apartments, shops and even abandoned buildings.

Those foreigners found to be illegally in the country and led to Amygdaleza in the space reservation, and for those cases are pending with Justice will follow the legal process.

On Friday, police in schools in Xanthi and Komotini transferred about 200 illegal immigrants in order to promote their countries.

At the same time, strong police forces are already in Thrace, in the program prepared by the Ministry of Public Order and Citizen Protection codenamed "Xenios Zeus", launched Thursday in Evros by moving 1,881 border guards to repel by the border line illegal immigrants.

On Friday and Saturday in the region totaled ten squads of riot police in Athens and Thessaloniki, in order to assist in the event that created tensions.

It is worth noting that all started Monday when he Minister of Public Order and Citizen Protection Nikos Dendias, announced the plan, even referring to a potential wave of immigration from Syria.

Specifically, the minister stressed that "1,800 border guards are already moving towards the river Evros, floating along with a first phase. Already moved six vessels and by the end of the month will get 26 new vessels in the Ebro, to finally try the "sealing" of Evros. What we want is to stop that Greece is xefrago vine. "

At the same time, for fear of mass influx of refugees from Syria via Greece, the

German Foreign Minister Hans-Peter Fritrich, pushing Turkey to

contribute to stop illegal immigration into the EU

In an interview in the newspaper Rheinische Post, the German Minister

Inland argues that the EU is trying "to all

forces to close the vents "in Greek-Turkish border to

Europe, because according to all indications are that over the

???.??.??? ??????? ????????

Posted by ranga777 on June 29, 2012 at 4:35 AM Comments comments (0)

පැය භාගක මෙහෙයුමෙන් පසු වව්නියා බන්ධනාගාරයේ ප්‍රාණ ඇපයේ සිටි ජේලර්වරු තිදෙනා කොටි සැකකරුවන්ගෙන් බේරා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් විය. ඔවුන් බේරා ගැණුනේ පැය 19කට පසුවය. තාප්පවලින් හා වහලෙන් බන්ධනාගාරයට පැණ කඳුළු ගෑස් ගසා සිරකරුවන් මෙල්ල කළ එස් ටී එෆ් බටයෝ වසා දැමූ දොර අගුළු විදුලි කියත්වලින් කැපූහ. මෙහෙයුම අවසාන වෙත්ම බන්ධනාගාරය ඇතුලෙන් ගිලන් රිය තුනක් නික්ම ගියේය. එහි සිටි රැඳැවියන් බන්ධනාගාර බස් දෙකකින් අනුරාධ පුර සිරමැදිරියට ගෙන යෑමද ඇරැඹිණි.

????? ??????? ???? ?????? ???????? ???????? ?????

Posted by ranga777 on June 27, 2012 at 12:35 PM Comments comments (0)

ඇය කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ තරුණියකි. දැනට මාස කිහිපයකට පෙර ආයතනයක රැකියාවට කොළඹ පැමිණ මිතුරියකගේ නිවෙසේ නැවතී රැකියාවට ගියාය. පසුගිය දිනක ඇය සුපුරුදු පරිදි සේවයට පැමිණි අතර ඇයගේ නමට කුරුණෑගල නිවෙසට විදුලි පණිවිඩයක් ලැබුණි. එහි සඳහන් වූයේ ”සේවයට වාර්තා කරන්න, නැතහොත් පහත දැක්වෙන අංකයට කතා කරන්න” යනුවෙනි.

පියා මව ඇතුළු නෑදෑ හිතවතුන් බියට පත්වී ක්‍ෂණිකව ඇයගේ ජංගම දුරකථනයට කතා කළත් ප‍්‍රතිචාරයක් නොවීය. කලබලවූ සියල්ලෝම වාහනයකින් කොළඹ බලා පිටත්වූහ. පැය කිහිපයකින් කොළඹට ළඟාවූ ඔවුන් කෙලින්ම ගියේ දියණියගේ සේවා ස්ථානයටය. මව්පියන් දුටු දියණිය පුදුමවී ඔවුන් ළඟට පැමිණියාය. මව දියණිය බදාගෙන හඬන්නට වුවාය. එවිට දියණිය, මොකක්ද අම්මේ කරදරයක්දැයි විමසුවාය. පියා විදුලි පණිවිඩය ඇය අත තැබීය. එය කියවූ දියණිය පුදුමයට පත් වී පියා සමග තම කාර්යාලයට ගොස් විදුලි පණිවිඩය නිලධාරින්ට පෙන්නුවාය. ඔවුන් ඇයගේ පෞද්ගලික ලිපිගොනුව බැලූවිට එහි ඇය නොදන්වා සේවයට නොපැමිණි බව සඳහන් ලිපියක් විය.

”වැරැද්ද අපේ. ඔයා අවුරුද්දකට කලින් අපිගාව වැඩ කරලා දන්වන්නේ නැතිව නැවතුනානේ. ආයෙත් අවේ මාස ගාණකට පස්සෙනේ. ඔයා නැවත සේවයේ පිහිටවූ ලියුම ෆයිල් කරන්න බැරිවෙලා. නොදන්වා සේවයෙන් ඉවත්වූ ඔක්කෝටම අපි ටෙලිග‍්‍රෑම් යැව්වා. ඒ අනුව අතපසුවීමකින් ඔයාටත් යවලා.” නිලධාරියා කාරණය පැහැදිලි කළේය. අවසානයේදී වාහන ගාස්තුව වශයෙන් රුපියල් පන්දහසක මුදලක් මව්පියන්ට ගෙවීමට සිදුවිය.

?????? ???? ???? ?????? ???? ????

Posted by ranga777 on June 27, 2012 at 12:15 PM Comments comments (0)

මාල කඩන කොල්ලකරුට, තමාගේ ගෙල බැඳි මාලය ගලවා අතට දුන් තරුණියක් ගැන සබරගමුව ප‍්‍රදේශයේ ගමකින් වාර්තාවේ.

සිද්ධිය මෙසේයි.

ඇය ගමේ තරුණියකි. නගරයේ පෞද්ගලික ආයතනයක කාර්යාලයේ සේවය කරයි. රැකියාවට යන්නේ තරුණ වියට ගැළපෙන නව විලාසිතාවන්ගෙන් සැරසීගෙනය.

එදින සේවය නිමාවී ගෙදර යෑමට බස් රථයෙන් බැස ගමේ අතුරු පාරේ ගමන් කරන විට, හදිසියේම පැමිණි යතුරුපැදියක් ඇය ඉදිරියේ නතර විය.

නංගී අද පරක්කු ඇයි දැයි ඇසූ තරුණයා, ඉණේ සඟවාගෙන තිබූ උල් පිහිය අතට ගෙන කෑගහන්න එපා යැයි ඇයට තර්ජනය කළේය.

ඔහුගේ සූදානම වටහාගත් තරුණිය, අනේ අයියේ කරදර කරන්න එපා කියමින් කරේ තිබූ මාලය ගලවා ඔහුගේ අතේ තැබුවාය. මාලය අතටගත් ඔහුට වැඬේ වැරදුණු බව වැටහිණි. කෝපයටපත් තරුණයා, ජොලියට දමාගෙන යන්නේ ඉමිටේෂන් බඩුයැයි කියා මාලය ඇගේ මූණට දමා ගසා යන්නට ගියේ දවස් තුනක් පිච්චූ ඉන්ධනවල ගණන අතින් පාඩු යැයි කියාගෙනය.

???????????????? ??????? ??????????????????????? ??????????? ???????

Posted by ranga777 on December 11, 2011 at 2:35 AM Comments comments (0)

 

යාචකයින්ගේ මාරයා ගල්කිස්‌සේදී කොටුවූ හැටි

Sunday, 11 December 2011 10:32

 

 

ම්ලේච්ඡ ඝාතන රැල්ලක්‌ ආරම්භ වී තිබිණි. මරා දැමුණේ පදිකවේදිකාවේ ජීවත්වන නමක්‌ ගමක්‌ ඇඩ්‍රස්‌එකක්‌ නැති අසරණ හි`ගන්නන්ය. සෑම ඝාතනයක්‌ම සිදුකර තිබුණේ එකම රටාවකටය.

 

මිනීමරුවා නිශාචරයෙකි. මිනිමරුවා විසින් රාත්‍රියේ පදිකවේදිකාවේ නිදාසිටිනා හි`ගන්නන්ගේ හිස කුඩුවෙන්නට දැවැන්ත කළුගලකින් ගසා ඔවුන් මරා තිබිණි. පසුගිය වසර මුල් භාගයේදී ඇරඹුණ මෙම ඝාතන රැල්ල පසුගිය මස වනතෙක්‌ පැවතිනි. කොටහේන, කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය, වැල්ලවත්ත, ගල්කිස්‌ස, මොරටුව, මරදාන, කැලණිය පෑලියගොඩ කිරිබත්ගොඩ වැනි කොළඹ නගරාසන්න ප්‍රදේශවල අඩුම තරමේ මසකට වරක්‌වත් මෙසේ ම්ලේච්ඡ ලෙස මරාදැමූ අසරණ මිනිසෙකුගේ මළසිරුරක්‌ හමුවිය. ඒ බිහිසුණු දසුන මුලින්ම දැක්‌කේ උදෑසනම මහමග ගමන්ගත් පදිකයින්ය.

 

මේ මරණ සිදුකර තිබූ ආකාරය අතිශයින්ම තැතිගන්වන සුළු විය. භීතියක්‌ වැපිරවීම ස`දහා මෙම ඝාතන සිදුවන්නේද යන සැකය මතුවන තරමටම මෙම මිනීමැරුම් එළිපිට සිදුවී තිබිණි. කොළඹ නගරය පිළිවෙලක්‌ වීමත් සමග තැන තැන ලගිනා යාචකයින් සුද්දකිරීම ස`දහා හමුදාව මෙම ඝාතන සිදුකරන බවට තැනෙක කියවිනි. සිදුවිය යුතු ලෙසම මිනිස්‌සු කැලණියේත් පෑලියගොඩත් සිදුවූ යාචක ඝාතන ප්‍රදේශයේ කුප්‍රකට දේශපාලඥයෙකුගේ ගිණුමට බැරකළහ. මෙම ඝාතන ගැන නිසිලෙස අධ්‍යයනය කර මිනීමරුවා අධිකරණය ඉදිරියට පැමිණවීම පෑලියගොඩ පොලීසිය හිතාමතා පැහැරහරින බව කියමින් පොලීසියට එරෙහිව මානව හිමිකම් නඩුවක්‌ ගොනුවිනි.

 

මේ නඩුව ගොනුවූයේ මිනීමැරුම් ගණනාවක්‌ සිදුවූ පසුය. ඒ හි`ගන්නෙක්‌ නොවන පුද්ගලයෙක්‌ බීමත්වී පදිකවේදිකාවේ වැටී සිටියදී ඝාතනය වීමත් සමගය. මානව හිමිකම් සංවිධාන ඇතුළු මනුෂ්‍යත්වයේ සකලවිධ අංගෝපාංග ආරක්‌ෂා කිරීමට කැපවූ එන්.ජී.ඕ හැටහුටහමාරක්‌ ඇති රටක උපන්දා සිට පදිකවේදිකාවේ ජීවත්වන අසරණ මිනිසුන් හිස පොඩිකර බල්ලන්මෙන් මරාදමන විට හ`ඩක්‌ නගන්නට එකෙක්‌වත් නොවීය.

 

මේ ඝාතන පිළිබ`දව මිනිස්‌සුන් තූළ ඇතිවූ සැකය තවත් වැඩිවන ප්‍රකාශ මේ අතර විටින්විට පොලීසියෙන්ද කියෑවිනි. ඝාතන අතිශය සූක්‌ෂම බවත්, ඝාතකයා කිසිම සාක්‌ෂියක්‌ ඉතිරි නොකර මිනීමරා පලා යන බවත් විටෙක පොලීසිය කීවේය. කොළඹ නගරාසන්නයේ ප්‍රධාන මාර්ගවල පදිකවේදිකා මතදී කාන්තාවන් දෙදෙනෙක්‌ ඇතුළු මිනිසුන් දහසය දෙනෙක්‌ හිස පොඩිපට්‌ටම් කර මරාදමන තුරු හි`ද පොලීසිය කියනා මේ ගොං කතාව අසන්නන් ඉවසා සිටියේ පුqදුමාකාර වෑයමකිනි.

 

පදිකවේදිකාවල ජීවත්වූ අසරණයෝ සෑම රාත්‍රියක්‌ම මරබියෙන් පහන් කළහ. කොටුව දුම්රියපළ අවට පදිකවේදිකාවල රාත්‍රිය පහන් කරනා යාචකයින් පවා දක්‌නට නොලැබිණි. මේ අතර පසුගිය විසිහතර වැනිදා ගල්කිස්‌සේදී මිනිසෙක්‌ මේ ඝාතන වලට සම්බන්ධයෑයි කියමින් අත්අඩංගුවට ගැණුනි. ඔහුද යාචකයෙක්‌ බවත් පදිකවේදිකාවේම ජීවත් වූ අයෙක්‌ බවත් පැවසිනි. වාර්තා වූ ආකාරයට මේ මිනීමරුවා යම් මානසික විකෘතියකින් පෙළෙන්නෙකි.

 

සැකකරුවා අත්අඩංගුවට ගන්නේ ගල්කිස්‌ස පොලීසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති උපපොලිස්‌ පරීක්‌ෂක තිස්‌ස සුගතපාලගේ මෙහෙයවීමෙනි. මිනිස්‌සුන් තුළ මේ මිනීමැරුම් පිළිබ`ද ඇතිවී තිබූ සැකය කෙතෙක්‌ බරපතළද යත් මේ අත්අඩංගුවට ගැනීමේ පුවත විශ්වාස කිරීමටද බොහෝ දෙනා මැලිවූහ. අනෙක්‌ පසින් මරා දැමුණු අන්ත අසරණ අහිංසකයින්ගේ මේ මිනීමැරුම් පිළිබ`ද සිද්ධීන් වෙනුවෙන් වැඩි බරක්‌ නොයොදා තිබියදීත් තිස්‌ස සුගතපාල ස්‌වකීය පර්යේෂණය මෙහෙයවනු ලැබීය.

 

පොලීසිය පවසන පරිදි මේ ම්ලේච්ඡ ඝාතන මාලාවේ සුලමුල හෙළිවන්නේ මෙලෙසිනි.

 

පසුගිය විසිහතර වෙනිදා රාත්‍රියේ පදික වේදිකාවේ නිදියාගෙන සිටි අසරණයෙකුට දැවැන්ත ගලකින් ගසා පලා යැමට තැත් කළ මිනිසෙක්‌ අවට සිටියවුන් විසින් අල්ලාගෙන පොලීසියට භාරදී තිබිණි. පහරකෑ තැනැත්තා තුවාල ලැබ සිටියේය. එහෙත් කුමණ හෝ හේතුවක්‌ නිසා තුවාලකරුවා පවසනු ලැබුවේ තමුන්ට කවුරුත් පහර නුදුන් බවය. තුවාල සිදුවූයේ තමන් ලිස්‌සා වැටීම නිසා බව හේ වැඩිදුරටත් කියා සිටියේය.

 

සැකකරු මුදා හැරිනි. සිද්ධිය යට ගියේය. වැඩිදුර පරීක්‌ෂණ සිදුවූයේත් නැත.

 

එහෙත් මේ සම්බන්ධව යළිත් මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනෙන්නේ මොරටුව ප්‍රදේශයේ සිදුවූ ඝාතනයක්‌ සම්බන්ධව ඇසින් දුටුවෙක්‌ මොරටුව පොලීසියේ කර තිබූ පැමිණිල්ලකට අනුවය. එම සාක්‌කියේ කියෑවුනේ ඝාතනය කළ පුද්ගලයා මොනවාද කියන්නාක්‌ සේ අහස දෙසට අත් ඔසවාගෙන සිට එක්‌වරම මහා කළුගලකින් එතැන නිදාසිටි පුද්ගලයාගේ හිසට ගසා ළ`ග තිබූ කවරයක්‌ අරගෙන යන්නට ගිය බවයි. සාක්‌කිකරු මේ තැනැත්තාව අල්ලා ගැනීමට කිලෝමීටරයකට ආසන්න දුරක්‌ ඔහු පසුපසින් ගොස්‌ තිබිණි. එහෙත් ඝාතකයා කොටුකරගැනීමට ඔහුට සහාය දිමට කෙනෙක්‌ ඒ රාත්‍රියේදී සොයාගත නොහැකි වූයේය. අවසානයේදී ඝාතකයා නැවතී ගොළු බසින් සාක්‌කිකරුට තර්ජනය කර තිබිණි. ඝාතකයා ගොළුවෙක්‌ බව පැමිණිල්ලේ ස`දහන් වූයේය.

 

විසිහතර වෙනිදා පොලිස්‌ අත්අඩංගුවට පත්වූ තැනැත්තාද ගොළුවෙක්‌ සේ හැසිරුණේය. එබැවින් මොහුව 30 වැනිදා අත්අඩංගුවට ගෙන රැ`දවුම් නියෝගමත ර`දවා ගෙන ප්‍රශ්න කිරීමට ගල්කිස්‌ස පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති තිස්‌ස සුගතපාල කටයුතු කළේය. සැකකරුගේ සාක්‌කුවල කුඩා කොළ කැබලි තිබිණි. ඒ අතර ඉටිකොළ කෑළිද විය. ඔහු හැසිරුණේ ගොළුවෙක්‌ මෙනි. එහෙත් ඔහුගේ කන් හො`දින් ඇසෙන බව දැනුණි. සැකකරුගේ මේ හැසිරීම පිළිබ`ද මුලින්ම පොලීසිය සැක පහළ කළේය.

 

එබැවින් අපරාධ අංශ ස්‌ථානාධිපතිවරයා විසින් පොලිස්‌ සැරයන් 62767 ලලිත් හරහා මේ තැනැත්තා රත්මලාන බිහිරි විද්‍යාලයට යොමු කළේය. ඒ ඔහුගේ ශ්‍රවණ පර්යේෂණයක්‌ කරවනු රිසියෙනි. එම වාර්තාවට අනුව මේ තැනැත්තා ඉතා යහපත් ශ්‍රවණ තත්වයේ පසුවිය. එමෙන්ම වචන උච්ඡාරණයට උචිත සේ දිවෙහි නම්‍යතාවයද පැවතිනි. ශ්‍රවණාබාධිත තත්වයක්‌ නොමැති අයෙකුට වෙනත් මානසික කම්පනයක්‌ නොවන්නේ නම් සාමාන්‍ය භාෂණය කළ හැකිය.

 

එහෙත් පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ මේ තැනැත්තා එක්‌ වචනයක්‌වත් ප්‍රකාශ නොකළේය. අවසානයේ දී තිස්‌ස සුගතපාල මේ තත්වය පිළිබ`ද විශේෂඥ මනෝවෛද්‍යවරයෙකු විමසා ඔහුගේ සහාය පැතීය. වෛද්‍යවරයා පවසා තිබුණේ මොහුට බරපතළ බියවැද්දීමකට ලක්‌නොකරන ලෙසත් යම් මානසික කම්පනයක්‌ පැවතියේ නම් කටුව තුළට යන බෙල්ලෙකු ලෙසින් ඔහු තව තවත් බියවී වචනයක්‌වත් කතා නොකරන තත්වයට පත්විය හැකි බවත්ය. එබැවින් මේ තැනැත්තා කැමති දේ ලබාදී ඔහු හා මිත්‍රවීමට පරීක්‌ෂණ කණ්‌ඩායම කටයුතු කළේය.

 

මේ අතර ඔහු පිළිබ`ද ඇ`ගිලි සලකුණු වාර්තාවක්‌ ගනු ලැබිණි. එම වාර්තාවට අනුව මේ තැනැත්තා ලියාපදිංචි අපරාධකාරයෙක්‌ බව හෙළිවිය. ඔහු ලියාපදිංචි වී තිබුණේ ඇනා ලියනගේ යන නමිනි. වර්ෂ 1999.1.29 දින රුපියල් 1263 සහිත මුදල් පසුම්බියක්‌ සොරකම් කිරීමෙන් මෝදර පොලිසිය මගින්ද, 2005 වසරේදී රුපියල් 2160 සහිත මුදල් පසුම්බියක්‌ සොරකම් කිරීම නිසා කොල්ලුපිටිය පොලීසිය මගින්ද 2010 වසරේදී පදිකවේදිකාවේ ගමන්ගත් පුද්ගලයෙකුට පහර දී රුපියල් 7200 සොරකම් කිරීම නිසා මරදාන පොලීසියෙන්ද ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි. මේ තැනැත්තා සුළු කලක්‌ බන්ධනාගාරගතව ද සිටිබව හෙළිවිය.

 

මේ කටයුතු සිදුවෙද්දී සැකකරුවා කෑමට කැමතිදේ දෙමින් සුහදශීලී පරිසරයක්‌ ගොඩනගාගෙන පොලීසිය ඔහු හා මිතුරු වූයේය. එතැන් සිට ඔහු සමහර වචන ගොත ගසමින් වුවද අපූරුවට කතාකරන්නට පටන්ගනු ලැබීය. මේ මිනිසා විසින් කියා තිබූ ඔහුගේ ජීවිත කතාව අයිසින් කර පෙනුමට තිබෙනා සමාජයේ කුණුවී ගිය යථාර්ථය හෙළි කරනු ලැබූ සිතුවමක්‌ බ`දු විනි. ඒ පාපොච්චාරණය මෙසේ සටහන් කරන්නේ බුද්ධියෙන් විමසීම ස`දහාය.

 

මේ තැනැත්තා තමන්ගේ මව හෝ පියා දන්නේ නැත. ඉපදුන තැනක්‌ උපන්දිනයක්‌ තබා තමුන්ගේ නිසි නමවත් කියන්නට දන්නේ නැත. ඥාති සොයුරු පරම්පරාවක්‌ද ඔහුට නොවේ. දැනට අවුරුදු තිස්‌ පහක තිස්‌ හයක වයස පෙනෙනා හෙතෙම උපන්දා සිට හැදීවැඩී තිබුණේ පදිකවේදිකාවේය. ඉල්ලාගෙන කමින්, සුළු සුළු හොරමැරකම් කරමින් එදාවේල පිරිමහගෙන ජීවත්වන ඔහු උස්‌මහත් වන විට මැනිං මාර්කට්‌ එකේ මුට්‌ට කරගැසුවේය. කොටහේන හා ග්‍රෑන්ඩ්පාස්‌ ප්‍රදේශවල බර වැඩ කළේය. ග්‍රෑන්ඩ්පාස්‌ ප්‍රදේශයේදී ඔහුව හ`දුන්වනු ලැබුවේ පූ යන නමිනි.

 

ජීවත් වීම ස`දහා පදිකවේදිකාවෙන් පැමිණ මුට්‌ට කරගැසූ පූ ට මුදල් නොදී වෙළෙන්දෝ ඔහුට වංචාකරනු ලැබූහ. මුට්‌ට කරගැසීම පසෙක තැබූ පූ හි`ගා කන්නට උත්සාහ කළේය. එහෙත් මැර හි`ගන්නන්ගෙන් ඔහුට ඉඩක්‌ නොලැබිණි. එතැන් පටන් ඔහු කර තිබුණේ හි`ගන්නන්ගෙන් මුදල් කොල්ලකෑමය. තමන්ට හිරිහැර කර පලවාහරින හි`ගන්නන් මතක තබාගෙන සිට රාත්‍රියේ ඔහුගේ හිසට දැවැන්ත ගලකින් ගසා පළායැම මේ තැනැත්තා විසින් සිදු කළේය. පහරකෑ තැනැත්තා මියගිය බව ඔහු දන්නේ නැත. කොල්ලකනු ලැබූ මුදලින් ඔහු මත්පැන් පානය කළේය.

 

පූ ගේ පාපොච්චාරණයට අනුව රෑ බෝවූ පසු ඔහු පදිකවේදිකා දිගේ ඇවිද ගොස්‌ ඇත. මේ ඇවිදයාමේ පරමාර්ථය වූයේ පදිකවේදිකාවේ සිටිනා ගැහැණියක්‌ සොයාගැනීමය. කැමැත්තෙන් එක්‌වන උන් ඉතිරිවිය. අකමැති උන් ඝාතනය වූහ. ඔහුට බාධා කරනු ලබන අය ද මතකයේ තබාගෙන ඉ`ද ඝාතනය කළේය. ගෝල්ෙµaස්‌ වටරවුමේදී ද, කොටහේනේදී ද මේ තැනැත්තා අතින් කාන්තාවන් දෙදෙනෙක්‌ ඝාතනය වී තිබිණි. කොටහේනේදී ඝාතනය කළ කාන්තාවගේ රෙදිපටේ ඔතා තිබූ රුපියල් පහළොස්‌ දහස ද ඔහු විසින් පැහැරගත් බව කියෑවිණි.

 

පොලීසිය සමග ගොස්‌ ඝාතන සිදුවූ ස්‌ථානත් ඒවා සිදුකළ ආකාරයත් පෙන්වා ඇති අයුරින් ඔහු විසින් සිදුකර ඇති ඝාතන ප්‍රමාණය පහළොවකි. ප්‍රහේළිකාවක්‌ වූ මේ අපරාධ රැල්ල පිළිබ`ද මේ සාධාරණ හෙළිදරව්ව කරගනු ලබන්නේ ගල්කිස්‌ස අපාරධ පර්යේෂණ අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‌ෂක තිස්‌ස සුගතපාලගේ උනන්දුව හා කැපවීම නිසාය. පොලිස්‌ අධිකාරී රවීන්ද්‍ර කරවිට ගේ අධීක්‌ෂණය නිසාය.

 

එහෙත් ගෝල්ෙµaස්‌ වටරවුම, වැල්ලවත්ත, කොම්පඤ්ඤවීදිය වැනි ස්‌ථානවල කිසිවෙකුටත් නොපෙනී රෑ මැදියමේ හෝ මිනී මැරීම සරල කටයුත්තක්‌ නොවන බව පිළිබ`ද සංවාදය තවමත් මිනිසුන් තුළ පවතී. කෙසේ වෙතත් මේ මොහොත වනවිට ඝාතකයා කොටුකරගෙන නඩු භාණ්‌ඩත් සමග ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කර හමාරය. තිස්‌ස සුගතපාලලාගේ පරීක්‌ෂණවල අවසාන වැදගත් ඵලය මිනීමරුවා කොටුකරගැනීම පමණක්‌ නොව, පූ වැනි මිනිසුන් පිළිබ`ද කරගනු ලබනා සමාජ හෙළිදරව්වය.

 

මිනිස්‌ සත්වයා මිනිසෙකු කරනු ලබන සමාජ ඇගැයීම් හා වටිනාකම් වලින් ශික්‌ෂණය නොවූවිට නිරුවත්වන තිරිසනා පිළිබ`ද මෙතරම් තියුණු නිදසුනක්‌ මෑත ඉතිහාසයේ අපට හමුවන්නේ නැත. ෙ€දවාචකය වන්නේ මෙබ`දු තිරිසන් මිනිසුන් නිර්මාණය වන්නේ කිරෙන් කා තෙලෙන් අතසෝදන මහා ඉසුරුමතුන්ගේ ශික්‌ෂිත සමාජයේ අගුපිල්වල වීමය.

 

ජානක ලියනආරච්චි හේමන්ත රන්දුණු (දිවයින පුවත් පත අනුග්‍රහයෙනි.)


???????????????? ????????? ??????? ???????? ?????????????-????? 3?? ??????????????..!

Posted by ranga777 on November 18, 2011 at 2:00 AM Comments comments (0)

 

සුදු කොඩි නඩුවට අදාළව වරදකරු වූ සරත් ෆොන්සේකා මහතාට වසර 3 ක සිරදඬුවම් නියම කර තිබේ.

 

අදාළ නඩුව පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ මහාධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

 

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කළ මෙම තීන්දුවේ විනිසුරුවරුන් දෙදෙනකු සරත් ෆොන්සේකා මහතා වරදකරු බවට ප්‍රකාශයට පත් කර ඇති අතර එක් විනිසුරුවරයකු එකී තීන්දුවට එරෙහිව ෆොන්සේකා මහතා නිවරදිකරු බවට ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ 2 ට 1 ක් ලෙස ෆොන්සේකා මහතා වරදකරු බවට තීන්දුවී තිබේ.

 

මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේ දී සුදුකොඩි රැගෙන භාරවීමට පැමිණි එල්.ටී.ටී.ඊ නායකයින් මරා දමන ලෙස ආරක්ෂක ලේකම්වරයා නියෝග කළ බවට සරත් ෆොන්සේකා මහතා සිදුකළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් වූ නඩුවේ තීන්දුව මෙලෙස අද ප්‍රකාශයට පත් කෙරිණි.

 

2009 වසරේ දෙසැම්බර් මස 13 වැනිදා සන්ඩේ ලීඩර් පුවත්පත මගින් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වූ සරත් ෆොන්සේකා මහතා සිදුකළ බව කියන ආන්දෝලනාත්මක සුදුකොඩි ප්‍රකාශය වාර්තා කර තිබුණි.

 

භාරවීමට පැමිණි එල්.ටී.ටී.ඊ නායකයින් ඝාතනය කරන ලෙස ආරක්ෂක ලේකම් ‍ගෝඨාභය රාජපක්ෂ මහතා 58 වන සේනාංකාධිපති ලෙස එවකට කටයුතු කළ බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතාට උපදෙස් ලබා දී ඇති බව සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේ යැයි එම ප්‍රකාශ‍යේ දැක්විය.

 

අදාළ ප්‍රකාශයට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා ගොනු කළ අතර නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කෙරුණි.

 

එහි සභාපති ලෙස දීපාලි විජේසුන්දර මහත්මිය පත් කෙරුණු අතර ඩබ්ලිව්.එම්.පී.බී. වරාවැව සහ සුල්ෆිකාර් රශීන් යන විනිසුරුවරුන් සෙසු සමාජිකයින්විය.

 

එම නඩුවේ පැමිණි‍ල්ලේ සාක්ෂි මෙහෙයවීම නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් බුවනෙක අළුවිහාරේ මහතා විසින් සිදුකළ අතර විත්තිය වෙනුවෙන් නීතීඥ නලින් ලද්දු‍වහෙට්ටි මහතා පෙනී සිටියේය.

 

අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් සන්ඩේ ලීඩර් කර්තෘ ෆෙඩ්රිකා ජෑන්ස්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, මේජර් ‍ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සාක්ෂි ලබාදුන්හ.

 

ඊට අමතරව කරූ ජයසූරිය, අනුර කුමාර දිසානායක, මහාචාර්ය රජීව් විජේසිංහ යන මහත්වරු ද සාක්ෂි ලබාදීමට ඉදිරිපත් වූහ.


???????????????? ??????????? ???????? ?????????? ???????????

Posted by ranga777 on October 10, 2011 at 8:30 AM Comments comments (0)

 

කො මං කියපු එකක් අහුවයි,

 

කොලොන්නාව ආසනයේ තිබු නොසන්සුන් කාරී තත්වය පිළිබඳව තමන් විසින් පසුගිය 6 වනදා පාර්ලිමේන්තුවේදී කල හෙළිදරවු කිරීමට කන් දුන්නේ නම් මේ ආකාරයේ කණාගාටුදායක සිද්ධියක් ඇති නොවීමට ඉඩ තිබූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. මුල්ලේරියාවේ පවතින ප‍්‍රචණ්ඩ වාතාවරණය ගැන කල හෙලිදරවු කිරීම්වලට මූලාසනයෙන් සිදු කළේ තමාගේ ප‍්‍රකාශ හැන්සාඞ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස නියෝග දී තමාව එළවා දැමීම පමණක් බවත් බව ඔහු සදහන් කරයි.අදාල ප‍්‍රකාශයේදී කොලොන්නාව ප‍්‍රදේශයේ ප‍්‍රචණ්ඩත්වයට හේතුවන පරිදි දේශපාලකයින් අතට අවි ලැබීම තමා ප‍්‍රශ්න කළ බවද ජනපති රුවට වෙඩි

 

වැදෙන පරිදි මුල්ලේරියාවේ සෝලංගආරච්චිගේ පිරිස කටයුතු කර තිබූ ආකාරය තමා හෙළි කළ බවද මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියි.


If they listened to what I said in Parliament, this day wouldn???t have come: Dayasiri

Posted by ranga777 on October 9, 2011 at 7:00 PM Comments comments (0)

 

UNP Kurunegala District MP Dayasiri Jayasekara speaking to the Daily Mirror online today said that the authorities should have investigated the allegations he made in Parliament on Thursday instead of ordering him out of the house. "During my speech I specifically brought up the thuggery and intimidation that was taking place in Mulleriyawa. I showed them photographs of shootings that happened during the run up to the elections but they ignored all of this and we have lost a political leader today," he said. Jayasekara was removed from the house on Thursday by parliamentarian A.H.M. Azwer who was at the chair for making inflammatory remarks.

 

He further went on to add that, "The crux of my speech was that there is no rule of law in this country. Thugs who are close to politicians have with them illegal weapons and this incident was due to the use of these weapons. There are gangs that operate with the ruling party politicians and todays incident showed the danger that these weapons that are used by politicians could bring," he said.

 

Jayasekara went on to note that the weapons that were used during the shooting were not legal weapons that were given to the policeman who were with the parliamentarians. "A policeman on duty would never open fire when there is an argument. The reason behind the shooting clearly must have been drunken-ness and thugs who were armed," he said. He also stated that, "Both Duminda Silva and Bharatha Lakshman are leaders of the people and its sad that they have to go through this predicament, at the end of the day it’s their families who will suffer the most. What we are calling for is the proper implementation of the rule of law. If that happens there is no way an incident of this sort will take place," he said.

 

On Thursday October 6, 2011, when Jayasekara was speaking in Parliament about the thuggery in Mulleriyawa, his speech was expunged and he was sent out of the chamber. (HF)


????? ???????? ICC ????????? ???????????? ??????????

Posted by ranga777 on September 13, 2011 at 8:10 AM Comments comments (0)

 

වසරේ වැඩිම ජනතා කැමැත්ත ලැබූ ක්‍රීඩකයා හා හොඳම එක්දින ක්‍රීඩකයා ඔහුයි


 

ඊයේ ලන්ඩනයේ පැවති 2011 ICC සම්මාන උළෙලේදී වැඩිම ජනතා කැමැත්ත ලැබූ ක්‍රීඩකයා හා හොඳම එක්දින ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍රවීමට කුමාර් සංගක්කාර සමත්විය.

 

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සම්මාන උළෙලේදී දකුණු අප්‍රිකාවේ හසීම් අම්ලා, එංගලන්තයේ ජොනතන් ට්‍රොට්, බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල ක්‍රිස් ගේල්, ඉන්දියාවේ මහේන්ද්‍ර සිං දෝණි යන ක්‍රීඩකයින් අභිබවා ජනතාවගේ ඡන්ද ලබාගනිමින් කුමාර් සංගක්කාර වසරේ වැඩිම ජනතා ප්‍රසාදයක් දිනාගත් ක්‍රීඩකයා බවට පත්වූ බවයි.

 

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර මෙරටදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගී වෙමින් සිටින නිසා සංගක්කාරට මෙම සම්මාන උළෙලට සහභාගී වීමට අවස්ථාව නොලැබුණි.

 

මෙම සම්මාන උළෙල සඳහා දත්ත අදාළ කරන්නා කාලයේදී සංගක්කාර එක්දින තරගාවලී 25 කට ක්‍රීඩා කර තිබෙන අතර එහිදී ලකුණු 1,049 ක් රැස්කර ගනිමින් ඉනිමක ලකුණු 55.21 ක සාමාන්‍යයක් රඳවාගෙන තිබෙන බවත් මේ නිසා ඔහු වසරේ එක්දින ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍රවූ බවත් සඳහන්ය.


IPO (Initial Public Offering) ගැන විස්තරයක්

Posted by ranga777 on August 4, 2011 at 4:50 PM Comments comments (0)

 

 

මේ දවස් වල කොටස් වෙළඳපළ ගැන කතා කරනකොට කියවෙන දෙයක් තමයි මේ IPO. මේ වසරේ වේ වන විටත් මේ කියන IPO කිහිපයක්ම තිබුනා. ඉතිරි මාස කිහිපය තුළත් තවත් IPO ටිකක් එන්න තියෙනවා.

 

ඉතින්, මොකද්ද මේ IPO එකක් කියන්නෙ???

IPO = Initial Public Offering

ලෝකෙ සමාගම් වර්ග දෙකක් තිබෙනවා, පුද්ගලික (Private) හා පුද්ගලික නොවන (Public). පුද්ගලික සමාගම් වල අයිතිය තිබෙන්නෙ එහි මූලික අයිති කරුවන්ට / ආයෝජකයින්ට පමණයි. ඔවුන් තමා සමාගමට මුදල් යොදවන්නෙත්, සමාගම පවත්වාගෙන යන්නෙත්. නමුත් පුද්ගලික නොවන සමාගම් මීට වෙනස්. ඒවායේ අයිතිකරුවන් / ආරම්භකයින් පමණක් නෙමෙයි ඒ සමාගම් වල කොටස්කරුවන්, ඒ සමාගමට මුදල් යොදවන හැමෝම. ඒ සමාගම් වලට මුදල් යොදවන්න ඕනෙම කෙනෙක්ට පුළුවන්, එතකොට ඒ ආයෝජකයිනුත් ඒ සමාගමේ කොටස්කරුවෙක් වෙනව.

යම් සමාගමක් "පුද්ගලික" (Private Limited) සිට "මහජන" (Public Liability Company) සමාගමක් බවට පත්වෙන එකක් තමයි මේ IPO එකක් හරහා වෙන්නෙ. ඒ කියන්නෙ, යම් සමාගමක අයිතිය මහජනතාවටත් ලබා දෙන ක්‍රමයක් තමයි මේක. එම සමාගම මේ හරහා කරන්නේ, තම සමාගමේ වත්කම් මහජනයා අතරේ බෙදල දෙන එක. ඒක කරන්නෙ, මහජනයාට සමාගමේ කොටස් නිකුත් කිරීමක් මගින්. (Share Issue). ඉතින් මීට ඉස්සෙල්ල ඒ සමාගම එහෙම දෙයක් කරල නැතිනම් ඒක කරන මුල්ම අවස්ථාව මේක නිසා, ඒකට කියනව Initial Public Offering එකක් කියල. එතකොට ඒ අවස්ථාවේදී මහජනයට පුළුවන් තමන්ගේ මුදල් ඒ කොටස් මිලට ගැනීම හරහා එම සමාගමට යොදවන්න. එතකොට ඔවුනුත් එම සමාගමේ කොටස් හිමියන් වෙනවා. ඔබට පුළුවන් IPO එකක් නැතිවත් සමාගමක ආයෝජනය කරන්න. එහි අයිතිකාරයින් හමුවට ගිහිල්ල ඔවුන් එක්ක කතා කරන්න ඔබට පුළුවන්. ඔවුන් කැමති නම් ඔබේ ආයෝජනය ලබාගෙන සමාගමේ අයිතියක් ඔබට දෙන්න, ඔබටත් එම සමාගමේ කොටස්කරුවෙක් වෙන්න පුළුවන්. ඔවුන් අකමැති නම් ඔබට ආසාව අත්අරින්න වෙනවා. නමුත් PLC වශයෙන් අඳුන්වන පුද්ගලික නොවන සමාගම් වල වත්කම් වලින් යම් ප්‍රමාණයක් මහජනතාව අතෙයි තිබෙන්නෙ. එම අයිතිය, කොටස් වෙළඳපළ හරහා විවිධ පුද්ගලයින්ට ලැබෙනවා, පුද්ගලයින් අතින් අතට ඒ අයිතිය හුවමාරු වෙනවා.

මේ ආකාරයින් තමන්ගෙ සමාගමේ යම් ප්‍රමාණයක් මහජන අයිතියට පත් කළ සමාගම් වල, කොටස් හිමියන් දහස් ගණනක් ඉන්න පුළුවන්. එම සමාගම් යම් නීති පද්ධතියකට යටත් වෙනවා. උදාහරණයක් වශයෙන්, එම සමාගම් වලට අධ්‍යක්ෂක මණ්ඩලයක් සිටිය යුතුයි, ඔවුන් හැම කාර්තුවේම මූල්‍ය වාර්ථා ඉදිරිපත් කළ යුතුයි වගේ දේවල් කියන්න පුළුවන්. මේ සමාගම හැම එකක්ම රපෝර්තු කරන්නෙ විනිමය කොමිෂන් සභාවටයි (Security Exchange Commision (SEC)) එකටයි.

 

ඇයි සමාගම් කොටස් නිකුත් කරන්නෙ?

 

තමුන්ගෙ සමාගම ඇයි අනුන්ට දෙන්නෙ? කෙනෙක්ට නිතැතින්ම එන ප්‍රශ්නයක්. ඇත්තටම ඇයි???

 

එහෙම කිරීමෙන් සමාගමට විශාල මුදල් ප්‍රමාණයක් ගලා එනව.

ඒත් එක්කම ඒ හරහා බොහෝ මූල්‍ය සම්බන්ධ දොරටු විවෘත වෙනවා.

සමාගම සම්බන්ධ සමීක්ෂණ වැඩි වෙනවා.

ණය ගැනීමේදී මෙම සමාගම් වලට පහසුවෙන් ණය ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා.

සමාගමට තිබෙන ඉල්ලුම වැඩි නම් හැම වෙලේම ඔවුන්ට පුළුවන්, තව තවත් කොටස් නිකුත් කරන්න.

විවෘත වෙළඳපළෙහි කොටස් ගනුදෙනු වෙනවා කියන්නෙ ද්‍රවශීලීතවය වැඩි වීමක්. ඉතින් මේ හරහා එම සමාගමට පුළුවන්, සමාගමේ සේවකයින්ට කොටස් ලබා දීම වගේ දේවල් කරල හොඳම සේවකයින් සමාගම තුළ රඳවා ගන්න, හොඳම අය බඳවාගන්න වගේ දේවල් කරන්න.

 

සමාගමක් IPO එකක් හරහා මුදල් එකතු කිරීමක් තමයි මූලිකව බලාපොරොත්තු වෙන්නෙ. මේ වගේ ක්‍රම නිසා සමාගම් වලට අවශ්‍ය නෑ විශාල ප්‍රග්ධන ප්‍රමාණයක් ඔවුන්ගේ ඉදිරි වැඩ වලට, ඔවුන්ගේ සමාගමේ ප්‍රසාරණයන් කරන්න. කරන්න තියෙන්නෙ තමන්ගේ අවශ්‍යතාවයට අනුව IPO එකක් හරහා තමන්ට අවශ්‍ය කරන ප්‍රාග්ධනය මුදල් එකතු කර ගැනීම පමණයි. මේ සමහර සමාගම් කවදාවත් ලාභ නොලබුපුව වෙන්න පුළුවන්, සමහරක් ඒව ලඟපාත කාලෙකදිවත් ලාභ ලබන්න බලාපොරොත්තුවක් නැති ඒව. සමහරක් විට ඒ IPO එක තියන්නෙ සමාගම පොහොසත් කරන්නම විතරක් වෙන්න පුළුවන්. (ඒකට කියන්නෙ Exit Stratergy කියල.)

 

ඉතින් මතක තියාගන්න. IPO එකක් කියන්නෙ මුදල් එකතු කිරීමක් පමණයි. ඒක තනිකරම Sales job එකක් විතරයි. ඔබට පුළුවන් නම් ඔබගේ සමාගමේ කොටස් මිලට ගන්න මිනිස්සුන්ව පොළඹවන්න, ඔබට ලොකු මුදලක් එකතු කරගන්න පුළුවන්.

 

අන්තිම ඡේද දෙක කියවල හිතන්නෙපා IPO එකක් කියන්නෙ කිසිම වැදගැම්මකට නැති දෙයක් කියල, සහ මට බනින්නෙපා මිනිස්සුන්ව නොමඟ යවනවා කියල. මේ IPO ගැන ලිපි පෙළක ආරම්භයක්. තව ඉදිරියට ගොඩක් දේවල් තිබෙනවා. IPO ගැන මේ උඩ කිව්ව එකත් ටිකක් මතක තියාගෙන ඉතිරි ලිපි ටිකත් කියවමු.

ප. ලි. IPO කියන්නෙ ගොඩක් හොඳ දෙයක් ආයෝජකයින්ට. ඉතින් ඉදිරියේදි හරියට IPO එක්ක වැඩ කරන හැටිත් කියල දෙන්නම්. එකතු වෙලා ඉන්න.

 



Rss_feed